Tuesday, March 22, 2011

විකාර රූපී 8 - Live @ 8


ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නැරඹීම දඩුවමක් බවට පත් වී තිබේ.

මෙසේ කියන මා අහවල් එකකට ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නරඹන්නේද යන්නද, අකමැතිනම් වෙන චැනල් එකක ප්‍රවෘත්ති නැරඹිය හැකි නොවේද යන්නද ඔබ විමසනු ඇත.

එහෙත් එවැන්නකින් නොනැවතී මෙවන් ලිපියක් ලිවීමට තරම් චර්ම අමාරුවක් මට ඇත්තේ, Live @ 8 ආරම්භ වූ සමයේ පටන් එය නැරඹීමට මා පුරුදුව සිටි බැවිනි. එමෙන්ම එදා මෙදා තුර ස්වාධීන ප්‍රවෘත්ති කලාවක් කඩේ යන, පීචං, ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝනය කරන ප්‍රවෘත්ති කලාවක් බවට පත්වනු රූපවහිනිය ඉදිරිපිට සිට මා නැරඹූ බැවිනි.

දැන් වැරදීමකින් හෝ එය නරඹන්නේ කියන කතා segment එක බලා අගමැතිතුමා හෝ මර්වින් ආචාර්යතුමා කියන Joke එකක් දෙකක් බලා හීන් ආතල් එකක් ගැනීමට පමනි.

හේම නලීන්ලා, අරුණ් ඩයස්ලා ආරම්භ කල විකල්ප, සංවාදශිලි, නිර්මාණාත්මක ප්‍රවෘත්ති කලාව අද අපි නොදන්න Live වැඩසටහනක මට්ටමට පත්වී තිබේ. එක අතකින් එසේ කීම අපි නොදන්න Live වැඩසටහනට කරන නිග්‍රහයකි. මන්ද අපි එය නරඹන්නේ සිනා සී ආතල් එකක් ගැන්මට බැවිනි. නමුත් ආණ්ඩුවේ නොවන නාලිකාවක ප්‍රවෘත්ති අප නරඹන්නේ රට තොට සිදුවන දෑ ගැන නිවැරදි අවබෝධයක් ගැනීමට, ප්‍රවෘත්ති වටිනාකමක් ඇති යමක් නැරඹීමට මිසක් ආතල් ගැනීමට, කවි ඇසීමට හෝ ප්‍රශස්ති ගායනා වලට කන් දීමට නොවේ.

දින වකවානු හරියටම මතක නැතත්, Live @ 8 ආරම්භ වූයේ අනූව දශකයේ අග භාගයේ බව මට මතකය. එවකට සතියට දින තුනක් පමනක් විකාශනය වූ එය නිර්මාණශීලී කලාවක් විය. රට පිලිගත් මාද්‍යවේදීන් දෙපලක් සංවාදශීලී ලෙස ගෙවුන පැය 48 තුල සිදුවූ දෑ නරඹන්නන්ට ඉදිරිපත් කලේය. එය සාම්ප්‍රදායික ප්‍රවෘත්ති කලාව නොවීය. නමුදු විකල්ප, නැවුම් කලාවක් විය. ඔවුන් අනුගමනය කල රාමුව තුල එකී සංවාදාත්මක කලාව ගෝචර විය.

ලැබූ ජනප්‍රියත්වය කරණ කොට ගෙන එය පලමුව සති අන්තයටත්, ඉක්බිතිව මුලු සතිය පුරාත් විකාශනය වන වැඩසටහනක් බවට පත් විය. සතියේ දින සතටම ව්‍යප්ත වූ කල live & 8, ප්‍රවෘත්ති නිවේදකයන් දෙදෙනෙකු ඉදිරිපත් කරන සාම්ප්‍රදායික ප්‍රවෘත්ති කලාවක් බවට පත්විය.

එනමුදු තවදුරටත් එය අභීත, ස්වාධීන ප්‍රවෘත්ති කලාවක් විය. නිර්මාණශීලී ප්‍රවෘත්ති කලාවක් විය. ඔවුන් පක්ෂ, විපක්ෂ සැමට සමතැන දුන්නේය. ප්‍රවෘත්තිය අතරතුර තිරය පහලින් අදාල ප්‍රවෘත්තියේ සාරාංශය වැදගත් ග්‍රාම්‍ය නොවන සරල බසකින් පෙන්වීම ආරම්භ කලේ ඔවුන්ය. කොටින්ම කියතොත් රාමුව වෙනස් කලද විහිලු නොසයපා, වගකිවයුතු අයුරින් ප්‍රවෘත්ති වටිනාකමක් ඇති පුවත් සපයමින් නැරඹිය යුතු යැයි ප්‍රේක්ෂකයාට දැනෙන මට්ටමට ලඟා වීමට ඔවුනට හැකි විය.

යුද්ධය පැවති කාලයේ ස්වකීය මාධ්‍යවේදීන් යුධ බිමට යවා යුධ පුවත් වාර්තාකරණයේ ඉහල මට්ටමකට ඔවුන් පත්විය.

හරියටම ඉරක් ගසා මෙතනින්යැයි වෙන් කල නොහැකි වුවද මෑත කාලයේ සිට ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති පරාධීන, මාධ්‍ය ආචාර ධර්ම තුට්‍ටුවකට මායිම් නොකරන, විහිලු සපයන අංගයක් බවට පත්වී තිබේ.

සත්‍යය පලමුව අප වෙත ගෙන ඒමට වලි කන ඔවුන්ට Megastar වැඩසටහනේ අවසානයේ සිදුවූයේ කුමක්දැයි පවසා ගත නොහැකි තරමට අසරණ විය.අවසානයේ පලමුව කෙසේවෙතත් පැය 12-13 ගත්වූ තැන විකාශනය වූ ප්‍රවෘත්ති විකාශනයේදී ඔවුන් ප්‍රකාශ කලේ උක්ත තරගය අතිඋත්කර්ශවත් අන්දමින් නිමාව දු‍ටු බවය. එහි උත්කර්ශවත් නිමාව හා ප්‍රවෘත්තියේ සත්‍යතාව ගැන මතක් කරද්දී සිනහ වීමට හිදගෙන සිටින පු‍ටුවෙන් මදක් එසවිය යුතුය.

වර්තමානයේ පුවත් විකාශය තුල ආණ්ඩුවට හා විපක්ෂයට ලබා දී ඇති කාල ගැන බලද්දී විටක මට සිතෙන්නේ මේ නරඹන්නේ ආණ්ඩුවේ හොරණෑවක්ද යන්නය. ප්‍රවෘත්ති වටිනාකම කෙතරම් අඩුවුවද පලමු විනාඩි 5 පමණ ගතවෙන්නේ ජනාධිපතිතුමා කෑ හැටි, බිව් හැටි, උදාන වාක්‍යක් පාරම් බෑ හැටි පෙන්වීමටය. බොහෝ විට එදින වැදගත්ම ප්‍රවෘත්ති ගොනු වන්නේ "රටම කෙටියෙන්" අංගයටය. විපක්ෂ මාධය සාකච්චාවකට, උද්ඝෝෂණයකටද ඊට මෙහා ප්‍රවෘත්ති වටිනාකමක් නොලැබෙන තරම්ය.

හරේන්ද්‍ය කවි කියයි. ප්‍රවෘත්තිය ඔහුම විශ්ලේෂණය කර ඔහුට හිතෙන නිගමනය කවියෙන් හෝ, සී පදයකින් හෝ, හඩන්නට ඔන්න මෙන්න වූ මුහුණකින් කියයි. රටේ ප්‍රේක්ෂක ජනතාව යනු ප්‍රවෘත්තියක සිදුවීම නරඹා, අසා, ඒ පිලිබද ස්වකීය මතයක්, නිගමනයක් ගොඩනගා ගත නොහී අමන ‍රැලක් ලෙස ඔහු සිතා ගෙන ඇති අයුරකි. එක අතකට තමා ඉදිරිපත් කරන ප්‍රවෘත්ති විකාශය මුව අයා බලා සිටින්නන් ගැන ඔවුනට එවන් තක්සේරුවක් තිබීම ගැන ඔවුනව වැ‍රැද්දක් පැවසීමටද නොහැක. මාධ්‍යකරුවන්ට සිද්ධි වාර්තා කිරීම හැර ඒ පිලිබද තම මතිමතාන්තර නරඹන්නන්ට පොවන්නට සදාචාරාත්මක අයිතියක් නැත. ඒ අතින් සිරස ඉදිරියෙන් සිටී. ඔවුන්ගේ ප්‍රතිපත්තිය වනාහි, We Report, You Decide යන්නය. තීරණාත්මක, විවාදාත්මක අවස්ථාවලදී අදාල රූපරාමු පමනක් පෙන්වනව හැරෙන්න ඒ පිලිබදව අ‍ටුවා ටීකා කියා ප්‍රේක්ශකයන්ගේ තීරණය කිරීමේ නිදහසට ඇගිලි ගසන්නට ඔවුන් උත්සාහ කරන්නේ නැත.

මුලදි ඔවුන් විසින්ම හදුන්වා දුන්, ප්‍රවෘත්තිය යටින් දිස්වන පාඨයන්ද දැන් දැන් ග්‍රම්‍ය භාෂාවට පත්වෙමින් තිබේ. අපි කුඩා දරුවන් සමයේ ප්‍රවෘත්ති ඇසුවේ ව්‍යාකරණ, නිවැරදි වචන උගන ගැනීමේද පරමාර්තයෙනි. පසු කලක සිරස විසින් කතා කරන භාෂාවේ ප්‍රවෘත්ති කලාවක් ආරම්භ කලේය.එවකට එය අතිශයෙන්ම විවේචන වලට ලක්විය. එනමුදු දැන් දැන් ස්වර්ණවාහිනිය තව තවත් දුර යමින් උප සංස්කෘතිය ග්‍රාම්‍ය භාෂා විලාශයකට මාරු වී ඇත. වචන හරියම මතක නැතත්, විලියම් හා කේට් විවාහ ගිවිස ගැනීම ප්‍රකාශ කල ප්‍රවෘත්තියේ පහලින් දර්ශනය වූ වැකි අතිශය ග්‍රාම්‍ය විය.

යුද්ධය අවසන් වත්ම සියලුම රූපවාහිනී නාලිකා වලට ප්‍රවෘත්ති හිඟ විය. සිරස එම අඩුව පුරවා ගත්තේ රනිල් එලවන විවිධ මෙහෙයුම් අරඹමිනි.Live @ 8 එම අඩුව පුරවා ගැනීමට විවිධ නාට්‍යමය ජවනිකා හදුන්වා දෙන්නට පටන් ගත්තේය. දැන් දැන් Live @ 8 නරඹනවා යනු විවිධ segments වලින් යුතු අපි නොදන්න Live වඩසටහනක් බලනවා වැනිය. දවසේ වැ‍රැද්ද ලෙස වැඩ සටහනක් ආරම්භ කර ඉතා බහුලව සිදුවන, -විශේෂයෙන්ම කාර්යබහුලත්වය සමග මිනිසුන් අතින් නොවැලැක්විය හැකිව සිදුවීමට යෙදෙන- සිදුවීම් වලට කැමරාව මානා ඔවුන් ජාත්‍යන්තර මට්ට්මේ අපරාධකරුවන් බවට පත්කරමින් Live @ 8 ඇත්තෝ හීන් ආතල් එකක් ගනිති. ඉතා කලාතුරකින් පෙන්වදෙන වරදි සැබවින්ම වැරදි ලෙස පිලිගෙන නිවැරදි කර ගත යුතු වුවද, එම විශේෂාංගයේ පෙන්වන අති බහුතරයක් වූ සිදුවීම් ඇතැම් විට ඔවුන් පවා සිදුකරන ඉතා සරල මට්ටමේ සිදුවීම්ය. කහ ඉරෙන් පාර මාරුවන්නේ නම් යෙහෙකි. නමුදු සැම සියලු විටම කහ ඉරි සොය සොයා ලතවෙන්නට මිනිසුන්ට වේලව නැත. සුරක්ෂිතව වෙනත් ස්ථනයකින් පාර මාරු විය හැකිනම් එය අපරාධයක් නොවේ. මූණට කැමරාව මානා මිනිසුන් අපහසුතාවයට පත්කිරීමට Live @ 8 ඇත්තන්ට අසීමිත ආශාවක් තිබේනම් ඔවුන් කල යුත්තේ රටේ සිදුවන මහා පරිමාන දූෂණ, වංචා ගැන වගකිව යුතු මාධ්‍යක් ලෙස සොයා බැලීම නොවේද?

දැන් දැන් Live @ 8 නාට්‍යමය ජවනිකා වලින් පිරී යමින් පවතී. එහි කූටප්‍රාප්තිය ලෙස මේ වන විට "අකමැති මතක" ලෙස නාට්‍යමය විශේෂාංගයක් ඊට එකතුවී ඇත. සිපිරි ගෙයි ‍රැදවියන්ගේ අත්දැකීම් ඇසුරෙන් නිපදවෙන එය දැන් දැන් Live @ 8 වල ප්‍රවෘත්ති ඌණතාවයට ගොඩ දැමීමට ලැජ්ජාශීලී ලෙස භාවිතා වෙමින් පවතී. එහි රගපෑම සදහා නවකයන්ට දැන්වීම් පලකරන්නේද ප්‍රවෘත්ති විකාශය අතරතුර දීමය. සමාජයට පාඩම් ඉගැන්වීමටයැයි පවසමින් අවසානයේ හිරිකිත අත්දැකීම් වෙන්දේසි කිරීමට තරම් ස්වර්ණවාහිනිය නිර්ලජ්ජී වී තිබේ.

විපක්ෂයේ පුවත්, විදෙස් පුවත් වලට සාධාරණ ඉඩක් ලබා දෙන්නේ නම් හරේන්ද්‍ය ඇතුලු නඩයට මෙබදු විකාර රූපී විශේෂාංග වලින් ප්‍රවෘත්ති විකාශය පිරවීමට අවශ්‍ය නොවනු ඇත. එක අතකට ලංකාවේ හරක් ‍රැල අනුන්ගේ කුනු කතා රස කර කර අනුභව කරනතාක් කල් Live @ 8 ‍රැලට තම අමනකම් තෙරුම් ගැනීමට අවශ්‍යතාවක් ඇති නොවනු ඇත.

මෙය කියවන ඔබට තවමත් Live @ 8 යනු නැරඹිය හැකි මට්ටමේ ප්‍රවෘත්ති විකාශයක් වීමට පුලුවන. එහෙත් ආරම්භයේ සිට Live @ 8 ගමන් මග දු‍ටු මගේ මතයට ඔබද නොබෝ දිනකින්ම එකඟ වනු ඇත. මන්ද යත්, ප්‍රේක්ශක ජනතාවට එසේ සිතීම වැලැක්වීමට live @ 8 නිෂ්පාදකත්වයට කිසිදු අවශ්‍යතාවක් ඇති බවක් පෙනෙන්නට නොමැති නිසාවෙනි. ඊට වඩා ආණ්ඩුවට කඩේ යාම ආතල්ද කියා දන්නේ එහි නිෂ්පාදකත්වක හා පරිපාලනය පමනි.

19 comments:

  1. ඔබ හා 100% එකග විය හැකියි

    Live@8 පමනක් නොව ඔවුන්ගේ සැම වැඩසටහනක්ම ගුනාත්මක බවෙන් අන්තිම පහත් තැනකට වැටිල තියෙන්නෙ ඔවුන් ආරම්බයේදී ඉදිරිපත් ක‍රපු වැඩසටහන් ඉතා විශිශ්ට ලෙස ඉදිරිපත් ක‍රා

    මොවුන් අද ක‍රන සැම වැඩක්ම ඉතා බලු විදියට දේශප‍්රේමයෙන් ජාතිකත්වයෙන් වහගෙන ඉන්නෙ කිසිම කෙනෙකුට ඒගැන අවබෝධයක් නැහැ .
    මට හොදටම විශ්වාසයි මුන්ටික මේක‍රන දේවල් සිරස ක‍රානම් උන්ට ගල් ගහල විත‍රක් නෙවි පනපිටින් පුච්චල තමයි අපේ හ‍රක් නවතින්නෙ.

    මේවගේ විනාශයක් මුන්ට වෙලා තියෙන්නෙ කිසිම පලපුරුද්දක් නැති එවුන් ටිකකට ප‍්රධාන තනතුරුටික දීල තියෙන නිසා උන් තමන්ට හ‍රියි කියල හිතෙන දේවල් අතිත් අයටත් හ‍රිකියල බලෙන්ම පටවනව

    ReplyDelete
  2. @ Malith & haru

    උම්බලා ඉතින් 7.30‍ට සිරසම බලපල්ලා‍කෝ ඒකේ විපක්සයේ ප්‍රවෘති විතරමනේ යන්නේ. ඒකෙන් විපක්සයත් එක්කයි සිරසත් එක්කයි වෛර බැදන් ඊට පස්සේ Live @ 8 බලපන් ඒක බලල ආණ්ඩුවටයි Live @ 8 එවුන්ටයි ‍තවත් හොඳට වෛර බැදගෙන ඇදට ගිහිල්ලා බුදිය ගනින්.

    මචෝ උම්බලත් බලන් යද්දි උම්බල ඔය Live @ 8 වගේ. ඒ ගොඩේමයි!!!

    ReplyDelete
  3. machanla sirasata kade yanna epa. deshadrohi nalikawak kiyana aye dekak na. apita mathakaine yudde kale karapu wada. yuddayak dinu ratak natha kiya kiya param ba sirasata kade noya siyatha hari derana hari balapan.

    uba anith ewunta kiwwata ubath karanne sirasata kade yana ekane

    ReplyDelete
  4. @ඇනොමචන්ල

    උබලට මෙතන සිරසට කඩේයැමකට වඩා දෙයක් පේන්නෙ නැතිනිසා තමයි මුන් එලිපිට පිස්සු කෙලින්නෙ.

    මුන් හැමදාම මුන්ගෙ වැරැද්දක් කිව්වම ක‍රන්නෙ ඒ වැරද්ද නිවැරදි ක‍රගන්නෙ නැතුව අනිත් එකාගේ වැරැද්ද පෙන්න පෙන්න ඉන්න එක. මේ ජ‍රා පුරුද්ද නැතික‍්රගන්නකම් මේ රට හැදෙන එකක් නැහැ .

    ReplyDelete
  5. Malith

    අනේ ගොනෝ බා‍ගෙට කියවන්නේ නැතුව ඔක්කොම කියෝපිය

    ReplyDelete
  6. sirasa "We Report, You Decide " witharada ??? dakala nadda charitha gathane karanna dagalana dagalillaaa ... ?

    sirasata kade gihilla thiyanawa lassanata..

    ReplyDelete
  7. සිරස පරාමාදර්ශී නාලිකාවක් කියල මේකෙ කොහේවත් කියල නෑ. compare කිරීමක් විතරයි තියෙන්නෙ. සිරස කරන හොද දෙයක් අගය කිරීමේ වැරුද්ද මොකක්ද? මොනව වුනත් ලඟක ඉදන් සිරසෙ මාධ්යර භාවිතය හොදයි. මට්ටුය වෙලා හරි හැදෙන්න තරම් හික්මීමක් උන්ට තියෙනවා.
    අනෙක් අතට, දාස් ගණනින් මිනිස්සු, හාමුදුරුවරු මරපු, දේපල විනාශ කරපු ත්රයස්තවාදීන්ටත් සමාව දෙන්න දේශප්රේතමී ආණ්ඩුවකට පුලුවනි නම්, මේ හුදී අපට සිරස ගැන අනුකම්පාවෙන් බලන්න බැරිද?
    අපි live @ 8 බලන්න ඉඳ ගන්නේ අපක්ශපාතී ප්රුවෘත්ති විකාශයක් බලන අරමුණෙන්. ඒ බලපොරොත්තුව ඉ‍ටු නොවුනම තමා අවුල. සිරස හරි ITN හරි අපි බලන්නේ වෙනම කෝණයකින් නිසා එහෙම ඉච්චාභංගත්වයක් ඇතිවෙන්නෙ නෑ. Anonymous 2 කියපු විදියට දෙරණ තමා තවම හිරිකිතයක් නැතිව බලන්න පුලුවන් ප්රවවෘත්ති නාලිකාව.
    Malith හරි. මේ වගේ තත්වයක් ස්වර්ණවාහිනියට අත් වුනේ පොල්කෝම්බ උස පු‍ටුවලට පා වෙලා ආපු නිසා තමයි. බුද්ධික කුලසේකරගෙන් පස්සෙ තමා මෙහෙම සෝදා පාලුවක් වුනේ. Loving star, Megastar අලකලංචිය,විකාර රූපී Live @ 8 ආදී හැම දේකම මිනිහගෙ අහු කොන් තියෙනව.
    Anonymous 1 කියන විදියෙ වෛරයක් නම් මගේ හිතේ නෑ. නමුත් කලකිරීමක් තියෙනවා. ඒ වගේ වෙලාවට ගිහින් නිදා ගන්න එක තමා කරන්නා තියෙන හොදම වැඩේ. ඒත් එහෙම නොකර මෙහෙම ලියන්නෙ මම අහල තියෙන එක්තරා ශ්රේඑෂ්ඨ කියමනක් නිසා පමණයි.
    "අප වඩාත් කම්පා විය යුත්තේ නපුරු මිනිසුන්ගේ දුෂ්ඨ ක්රි යා පිලිබදව නොව, යහපත් මිනිසුන්ගේ නිහඩබව පිලිබදවය"

    ReplyDelete
  8. හොඳ ලිපියකි. Live @ 8 බැලීමට ඉතා අපහසුය. එය නින්දිත ලෙස මිනිසුන්ගේ හැගීම් සමග සෙල්ලමේ යෙදෙයි.

    ReplyDelete
  9. විශිෂ්ඨයි..මටත් සම්පූර්නයෙන්ම එකඟවිය හැකි ලිපියකි.

    ReplyDelete
  10. කිසිවෙකුට කඩේ යාමක් මේ ලිපිය තුල දැකිය නොහැකි බව මාගෙ විශ්වාසයයි.සැබවින්ම හෙලි වන යතාර්තය මතුකර පෙන්වීමක් මෙම ලිපිය තුල ඇති බව මාගෙ හැගීමයි.කෙසේ වෙතත් අප අද වන විට නිවැරදි මාද්‍ය සදාචාරයක් කිසිදු ප්‍රව්ර්‍ත්ති විකාශනයකින් දකිනවාදැයි සැක සහිතය.එතරම්ම අපේ රට තුල මාද්‍ය වල්මත් වී හමාරය.මෙහිදී අප විමස බැලිය යුත්තේ මෙය මෙසේ වීම තුල අප සතුව තිබිය යුතු නිවැරදි දේ දැනගැනීමට ඇති අයිතිය අහිමි වීම ගැනය.නමුත් මෙය අද ඊයෙ එක පාරටම ඌවක් ලෙස මම කියන්නට යන්නේ නැත.මෙය පසුගිය දශක 2,3 තිස්සේ පුරුදු පුහුනුව ආ දෙයක් විය යුතුය.නමුත් මෙම අසීලාචාර ක්‍රියාවලියට ඉක්මනින්ම තිත තැබිය යුතුමය.එය මතු පරපුරෙහි ප්‍රාර්තනාවකි.ස්වර්නවාහිනිය ද තේරුම ගත උතු දේ නම් තව දුරටත් වන පමාව තුල ඔවුනට හිමි වන්නේ වල් බිහි වී ගිය ඉතිහාසයක් පමනි.වසර 2 ක් පමන ජන්ප්ප්‍රියම ප්‍රව්ර්‍ත්ති නාලිකව වූ ඔවුනට තව දුරටත් මෙය ‍රැක ගැනීම මෙවන් පරිසරයක් තුල සිහිනයක් පමනක් වන බව සක් සුදත් සේ පැහැදිලිය.............

    ReplyDelete
  11. ඔය ස්වර්ණවාහිනියට කඩේ යන උන්දැටනම් කවදාව්ත් ඒකේ දොසක් පෙන්නේ නෑ... අනේ ඉතින් මෙහෙමත් බූරුවෝ....

    ReplyDelete
  12. What Haruprathap told was 100% true........I started watching Live @8 first ti get a glimpse at the truth of the world and country, untarnished by the propaganda machines of the SLBC/ITN/SIRASA......All the above mentioned agencies are basically trumpets for their preferred candidates or parties......But Swarnavahini(SV) and Live at 8(L@8) stood out as a true medium of unbiased journalism. But recently they have lost their way and now heading straight to lavatory journalism. The day where they talk about the correct way to consumate (f***) and show bedroom clips won't be far behind.......?f***ingStar?......The ticker at the bottom of the screen which showed news previews has transformed to a screaming adverts for monks pretending to be god-men/soothsayers,etc.......The anchormen are jokers with their own inferences being pushed down the gullets of the audience........The camera men are nothing but paparazzi willing to make a small incident on the road to a disastrous event that will change the world/They are sometimes creating the news........When did they loose their shorts.....when did they got lubed up........when did they get bent over.......when did they get sodomized(f***ed in the anal canal)........SIRASA is no better but they were that way from the beginning.We can't expect any better from them....But when they do get a bit unbiased and lash out at all the parties it becomes a gem among all the sh*t that is news. So what i think Haruprathap said was in the context I just mentioned.......The journalistic integrity of these jokers are non existent and they are not accountable to any one....they would write up what they like and wait coz we cannot touch them.......they are not entitled to be prosecuted......rarely do we see retractions of false news........We are in a society where a journalist has the balls to go to a funeral and ask a grieving mother incessant questions about a small child's death......We are in a real mess citizens.......WELL DONE HARU FOR BRINGING THIS TO THE LIGHT OF DAY>>!!!!!

    ReplyDelete
  13. විශිෂ්ඨයි..මටත් සම්පූර්නයෙන්ම එකඟවිය හැකි ලිපියකි.

    ReplyDelete
  14. 1. මමත් මේ ලිපිය එක්ක 100% එකගයි. ඇත්තමයි මචන් උබ හරියටම හරි.
    2. මොන වැ‍රැද්ද පෙන්නුවත් එක තේරෙන්නැති එඋනුත් ඉන්නවනෙ නෙ බන්

    ReplyDelete
  15. siraa machan. Sapumal!!!

    ReplyDelete
  16. Machan Haru,
    What you have said is true. We don't want media to decide what people should think. Instead they should provide the raw material for them to process and come to conclusions. Besides, showing others faults without correcting self has brought the country to a disastrous end. Thanks for posting such a valuable blog

    ReplyDelete
  17. Well said Harsha, Live @8 is now far difficult to watch than ITN. Any one can go shopping for any one. Its not a problem. But they use there old reputation to fool public. Its more a political propaganda than news.

    ReplyDelete
  18. http://www.gossip9.com/2011/04/blog-post_04.html

    ReplyDelete
  19. nice machan!! live@8 is really shit.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...