Friday, April 16, 2010

බැඳීම්



ලෞකික අප බැදීම් කෙරෙහි දක්වන්නෙ බොහෝ විට සුභදායී හැඟීම්. ආදර බැදීමක්, විවාහයක්, වෙනත් මිතුදමක් ආදී වශයෙන් වූ බැදීම් ඇතිවනතෙක් අප බලාසිටිනවා, කවදා ඒවා සිදු වේදැයි අප ඇඟිලි ගනිමින් බලා සිටිනවා. මන්ද බොහෝවිට අප දකින්නේ එහි සුභවාදී පැතිකඩ පමනක් නිසාවෙන්.

යමෙක් ඇඹුල් දෙහි ගෙඩියක් සූප්පු කරනු දකින ඔබට සිතෙන්නේ කුමක්ද? නිතැතින්ම ඔබ එහි රස සිතින් මවා ගනී. ඔබ නොදැනුවත්ම ඔබේ කේට ශ්‍රාවය වැඩිවේ. මන්ද ඔබට සිතෙන්නේ එය අපූරු රසැති යමක් ලෙසය. නමුත් එහි ඇඹුල දන්නේ කන මිනිහා පමනි.

බැදීම් පිලිබද අපේ දැනුමද එයාකාරය. බැදීමක් අතිවන තුරු එහි සුභවාදී බව පමනක් දකින්නා, බැදීම අති වූ පසු ඒ ආශ්‍රිතව පැන නගින ගැටලු, ගැ‍ටුම් හමුවේ ඉච්චාභංගත්වයට පත්වේ.

"රාහුලයෙක් උපන්න බැම්මක් ඇතිවුනා" සිදුහත් කුමරු බැදීම් දු‍ටුවේ එපරිද්දෙනි.බැදීමක් යනු තවත් ප්‍රශ්න ‍රැසකට අත වැනීමක් නොවේද? එහිදී අනෙකාගේ ප්‍රශ්න අවසන තමාගේ ප්‍රශ්න නොවන්නේද? තමාගේ ප්‍රශ්න එමගින් double නොවේයැයි කිවහැකිද?

තවත් අයෙක් සමග ප්‍රශ්න වලට මුහුන දීමෙන්, ප්‍රශ්න බෙදා ගැනීමෙන් සහනයක් ඇති වේයැයි යමෙකුට තර්ක කල හැක. සැබවි. එපරිද්දෙන් ප්‍රශ්න තනුක වීමටනම් දෙවන්නා ප්‍රශ්න වලින් වියුක්ත විය යුතුය. නැතිනම් ප්‍රශ්න double වීම නොවැලැක්විය හැක. එලෙස ප්‍රශ්න නැති සිරා පොරවල් අප අතර සිටීද? මාගේ සමාජ අත්දැකීම් අනුව එවන්නන් කිසිදාක සෙවිය නොහී.

-මෙම ලිපිය සිය සහකරු/සහකාරියගේ ප්‍රශ්න තඹයකට මායිම් නොකරන්නන් හා නොබැදේ-

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...