Monday, April 19, 2010

යුද්දෙ කරපු, යුද්දෙ දිනපු වීරයා හිරබත් කද්දී.....


"යුද්දෙ කරපු, යුද්දෙ දිනපු වීරයා හිරබත් කද්දී යුද්දෙ විකුනන් කාපු හොරු කිරිබත් කති" පසුගිය දිනෙක Facebook අඩවියේ මා නෙත ගැටුන status update එකකි.

එහි දෙවන භාගය කෙසේ වුවද පලමු කොටස මා යම්තාක් දුරකට සසල කලේය.

තිස් වසරක් පුරාවට ඇදුනු යුද්ධය ජයග්රහනය කරා රැගෙන යාම one man show එකක් නොවන බව තේරුම් ගැනීමට පහේ පන්තියේ දැනුම පවා ප්රමාණවත් වේ. එවැන්නක් කල හැකි Ramboලා හෝ One shot oneලා සැබෑ ජීවිතයේ නැත. එබැවින් වැඩි දුර කියවාගෙන යාමට මත්තෙන් අප තේරුම් ගත යුත්තේ එය සාමූහික ප්රයත්නයක කෙලවර ලද ඵෙතිහාසිහාසික විජයග්රාහී ප්රතිඵලයක් ලෙසය.

එහිදි ජනාධිපතිතුමා එම මෙහෙයුමට ආරම්භය දීම, නායකත්වය දීම, දිරි දීම, බාහිර බලවේග වලින් මෙහෙයුම ආරක්ෂා කිරීම ආදිය සිදු නොවිනි නම් අද මෙලස ජයග්රහනයේ අයිතිය වෙනුවෙන් කුලල් කෑමට ජයග්රාහී ප්රතිඵලයක් නැත. මෙහෙයුමේ තනි බුක්තිය ලබා ගැනීම ප්රශ්න සහගත වුවද එහි වැඩි කොටස එතුමන්ට හිමි වන වගට සැකයක් නැත. මන්ද ජාත්යන්තර බලපෑම් මැඩ ගනිමින් එක් සිත්ව මෙහෙයුමට නායකත්වය දීම එතෙක් මෙතෙක් අප රට බිහි වූ කිසිදු නායකයෙකුට කල නොහැක්කක් වූ නිසාවෙන්ය. එහි වැඩි ගෞරවය එතුමාගෙන් ඈත් කිරීමට තරම් ජනතාව කුහක නොවන වග පසුගිය ජනපතිවරණයේ ප්රතිඵල ලොවට පෙන්වා ඇත. ජයග්රහනයේ අයිතියට හිමිකරැවන් රැසක් සිටියද යම් හෙයකින් උක්ත මෙහෙයුම අසාර්ථක වූයේ නම් එහි සම්පූර්ණ වගකීම පැටවෙන්නේ ජනාධිපතිතුමන් මත නොවේද? සාම මාවත අතහැර යුද්ධය තෝරා ගත් ඔහුට කොචොක් කිරීමට මෙහෙයුම අසාර්ථක වනතුරු කල් යල් බැලූ විපක්ෂ දේශපාලනඥයන් ජනතවට අමතක වීමට තරම් කාලයක් නැත. "ජයග්රහනයට පියවරු බොහෝය. පරාජය වූවානම් ඔබ පමනි" මා මිතුරෙකු ජනපතිවරණ සටන සමයේ upload කල post එකක් මා සිහියට නැගේ.

කරුණු කාරණා එසේ වුවද සිවුවන ඊලාම් යුද්ධයේදී ජෙනරල් ෆොන්සේකා කල මෙහෙය කිසිදු ආකාරයකින් ලඝු කල නොහී. ආණ්ඩුවේ අමන දේශපාලනඥයන් ඔහුගේ සේවය පහත් කරමින් කවර කතා ගෙතුවද, යුධ මෙහෙයුම සාර්ථක කර ගැනීමේලා ඔහුගේ දායකත්වය හා කැපවීම රටම දිටීය. මෙහෙයුමට නායකත්වය දුන් හා මෙහෙයුමේ සිටි සියල්ල බව දැන සිටියහ. ජයග්රහනය සමරා ජනාධිපති මැදුරේ කේක් කපද්දී එය පිලිඹිඹු වූ අයුරු තරුණයා පුවත්පතේ "කුරුබිලිය" විශේෂාංගය ලියන ලේඛකය අපූරුවට විස්තර කර තිබුණි. එහිදී කේක් ගෙඩිය කැපීමට ජනාධිපතිතුමා ආරාධනා කලේ එතැන සිටි, ධූරාවලිය අනුව පස්වැන්නා වූ ජෙනරල්ටය. එය එසේ වූයේ මන්ද යන්න විචාර බුද්ධියෙන් යුධ සමය දුටු ඔනෑම අයෙකුට වටහා ගැනීම අපහසු නොවේ.

එලෙස ජනපතිතුමන්ගේ හා ජනතාවගේ හදවත් තුල වීරත්වයට බදුන් වූ ඔහු අද නිදහස්, නිවහල් රටක නිවාස අඩස්සියේ පසුවීම කෙතරම් දුරට යුක්තිසහගතද?

ජනපතිවරණ සටනට පිවිසි ෆොන්සේකා මනෝ ගනේෂන්, හකීම්, මංගල, රනිල් වැනි බෙදුම්වාදයට ගැති නායකයන් සමග එකට සිටගත්තද ජනතාව තවදුරටත් ඔහු පිලිබද විශ්වාස කලහ.රට බේරා ගැනීමේ නියමුවෙක් රට පාවා දේද? ඔවුන් එසේ සිතූහ. උක්ත ජරාජීර්ණ් දේශපාලන චරිත හා සැසදීමේදී ෆොන්සේකා චරිතයේ තිබූ ඍජු බව හමුවේ ඔහුට එම දේශපාලනඥයන් පාලනය කල හැකි වෙතැයි ජනතාව සිතූහ. නමුදු ජන්ද සටන උණුසුම් වෙත්ම එම ප්රාර්තනා, සිහින බොද වෙමින් බෙදුම්වාදී පදයට නැටවෙන චරිතයක් බවට ෆොන්සේකා පත්වෙමින් සිටියේය.

සියල්ල උඩු යටිකුරු වූවේ කූප්රකට " සුදු කොඩි" ප්රකාශයත් සමගය. පලිගැනීමේ චේතනාවෙන් මඩින ලද ඔහුගේ ප්රකාශයත් සමග එතෙක් නිද්රාශීලීව සිටි ජාත්යන්තරය නැවතත් ශ්රී ලංකාවට අත පොවන්නට පටන් ගත්හ. එතෙක් වීරත්වයෙන් පිදුම් ලැබූ ෆොන්සේකා ද්රෝහියෙක් ලෙස හංවඩු ගැසුනි. ඔහු දේශපාලනයට පිවිසෙන විට "හුරේ" දැමූවන් ඔහුට පමණක් නොව ඔහුගේ මවුපියන්ටද දොස් දෙවොල් තැබීමට පටන් ගත්හ. adaderana web අඩවියේ "සුදු කොඩි" ප්රකාශයට පෙර හා පසු ඔහු හා බැදුනු web comments අහසට පොලවට මෙන් විය. හයිකෝප් කතාන්දරය කෙසේ වුවද "සුදු කොඩි" කතාන්දරය ජනතාවගේ සිතට තදින් කා වැදුනි.

ජනපතිවරණය අවසන පිලිගත නොහැකි චෝදනා ඉදිරිපත් කරමින් ඔහුව සිර භාරයට ගැනුණි. තවමත් හරි හැටි ගොනු කර ගත නොහැකි වූ එම චෝදනා කුමන අරමුනකින් ඉදිරිපත් කලේද යන්න කිසිවෙකුට රහසක් නොවේ. තීරණාත්මක අයවැය අවස්ථාවේ JVP shape කර ගැනීමට් භාවිතා වූ ජෙනරල්ගේ දේශපාලන සබදතා අනෙක් වේලවට නරක් වූයේ මන්ද යන්න ගැටලුවකි. 10% කොමිස් මුදල නීත්යානුකූල වරදානයක් ලෙස සලකන සමාජයක (හයිකෝප් චෝදනා සත් නම්) හයිකෝප් ආශ්රිත සොච්චම් මුදල මෙතරම් ලොකු මාතෘකාවක් වීම ගැටලුවකි. මෙම් ලිපිය තුල එබදු දූෂණ සාධාරණීකරය කරනවා නොවේ. නමුදු ඉහත ප්රශ්නාර්ථ සමාජගත වී හමාරය.

යම් හෙයකින් ජෙනරල් ජනපති වූයේනම් කරුණු කාරණා මීට හපන් වන බවට සැක නැත. එසේනම් ඔහු ප්රතිවදීන්ගෙන් පලිගන්නේ ඉතා කෲර ලෙස බව ඔහුගේම කතා විලාශය පෙන්වා දී තිබුණි. එය එසේ වී නම් මෙම ලියුම්කරු ලිපිය ලියන විට සෙවන දෙන බිත්ති හතරද අද මෙතැන නොතිබීමට බොහෝ ඉඩ තිබිණි. එම නිසා බොරු යහපාලනයක් පිලිබද අද කිඹුල් කදුලු හෙලීමෙන් පලක් නැත. අද පරාජිත විපක්ෂයට, අපි ආවානම් මෙහෙම නොවේයැයි කියමින් අසම්භාව් ප්රත්යයෙන් කල්පිත ඉදිරිපත් කල හැකි නමුදු සැබෑ තත්වය ඊට වෙනස් බව සියල්ලන්ම දනිති.

කෙසේ නමුත් යුද්ධය ජය ගැනීමේල අමිල මෙහෙයක් කල සෙන්පතියෙක් අද නිවාස අඩස්සියේ පසු වේ. ඔහු පසුකාලීනව සිදුකල ප්රකාශ, ක්රියා කෙසේ වුවද ඔහු කල මෙහෙය සිතින් අමතක කිරීමට තරම් අපට ගුණමකු විය නොහැක. ඕනෑම අයෙකු සම්බන්ධයෙන් එය පොදුය. ජනපතිවරන සමයේ මාගේ ඇතැම් කොලඹ සගයෝ අදහස් ප්රකාශ කලේ මහින්ද යනු රටට ලොකුම හානිය කල ලෝක හොරෙකු ලෙසය. ඔවුනට රටේ යුද්ධයක් තිබුනාද නැද්ද යන්න වගක් වත් තිබුනේ නැත. අවදානම් මැද වුවද තකහනියේ ජන්දය පාවිච්චි කිරීමට මාතර ඒමට මට සිතුනේද ඔවුන් මෙන්ම රටම ගුණමකු ලෙස සිතයිදෝයැයි යන සැකයෙනි. නමුදු සමස්ත රට වැසියා තවමත් සමබර තීරණ ගන්නා බව ජනපතිවරණ ප්රතිඵලයෙන් ප්රකාශ විය

යමෙකු රට ජාතිය වෙනුවෙන් කල යහපත් දෑ අගය කිරීමට ඔහු නියෝජනය කරන දේශපාලන ධාරාව ප්රශ්නයක් නොකරගත යුතුය. "කල මෙහෙය අගයමු. කෙලෙහි ගුණ සලකමු" යන්න අර්ථවත් වන්නේ එවිටය.


3 comments:

  1. සරත් ෆොන්සේකා ව කොහොමත් එලියට දන්නේ නැහැ ඉන්දියාව කියනකන් . හැමවෙලාවෙම ඉන්දියාව කියනදේ කරන්න වෙනවා . කොහොම කිව්වත් අපි හැමවෙලාවෙම ඉන්දියාවට යටෙ . ඉස්සහරටවත් මේ ක්‍රමේ වෙනස් උනොත් හොදේ

    ReplyDelete
  2. Maxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxximum!

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...