Saturday, April 24, 2010

දැය දිනවන ඇය


ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පලමු වතාවට කාන්තාවක් reality රූපවාහිනී තරගයක් ජය ගෙන ඇත ( මීට පෙර ස්වර්ණවාහිනිය කල singing star කිරුල කාන්තාවකට හිමි වුවද පවතින reality ‍රැල්ල හමුවේ එයට reality show එකක් කීමද අපරාධයකි).

Derana Dream Star කිරුල උපේකා නම් වූ දක්ෂ ගායිකාව විසින් හිමි කර ගත්තාය. යමක් හිමි විය යුත්තේ සුදුස්සාටමයැ. උපේකාට කන්කලු හඩක්, නෙත්කලු රුවක් මෙන්ම සුවිශේෂී ප්‍රාසාංගික හැකියාවක් තිබුනාය. ඒ අනුව ගායනයට + අනෙකුත් තරු ලක්ෂණ මැනවින්ම පිහිටියේ ඇයටය.

මේ ජයග්‍රහණයත් සමගම කාන්තාවන් reality show වලින් ඉදිරියට යැවීමට තරම් ජනතාව බුද්ධිමත් වියයුතුයැයි පවසමින් පසුගිය Sirasa Super Star තරග විනිශ්චයේදී විස්සෝප වූ සන්නස්ගල වැන්නන්ටද අස්වැසිල්ලක් ලැබෙනු ඇත.

ඉහත කතාන්දරය කාන්තාවට සමාජයේ හිමි තැන ගැන තර්ක විතර්ක මතුවන එක් සිදුවීමක් පමණි. නමුත් කාන්තාවට "සමතැන" ලැබිය යුතුයැයි පවසන කතාබහ අලු යට වූ ගිණි මෙන් දැල්වෙමින්, නිවෙමින් තිබේ.

ඇත්තටම කාන්තාවට ලැබිය යුත්තේ "සමතැන"ද නැතහොත් " නිසිතැන"ද? කවුරුත් පොට වරද්දා ගෙන තිබෙන්නේ එතැනය."සමතැන" ලබා දීම යනු ලිංගිකත්වය ප්‍රමුඛ කාරණාව ලෙස සලකා සමාජයේ පිරිමින් දරන තනතුරු සමාන ලෙස නියෝජනය කිරීමට කාන්තාවන්ට ඉඩ ලබා දීමය. පසුගිය මහමැතිවරණයේදී කාන්තාවන් වෙනුවෙන් වෙනම ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිකුත් කල රනිල් වික්‍රමසිංහ මහතාද පොට වරද්ද ගත්තේ මෙතැනය.
එහිදී ඔහු පැවසුවේ සියලුම පාලන ඒකක වල කාන්තාවන්ට සම අවස්ථා ලබා දෙන බවය. නාම යෝජනා පත්‍රයේ පමනක් නොව, පාර්ලිමේන්තුව ඇතුලු පලාත් සභා, පලාත් පාලන ඒකක වල සමාන කාන්තා නියෝජනයක් ඇති කරන බවය.එය එසේ තීරණය කිරීමට වික්‍රමසිංහ මහතා කව්ද? නාම යෝජනා පත්‍රයේ සම නියෝජනය කාන්තාවන්ට ලබා දීමේ කිසිදු වරදක් නැත. නමුත් පාර්ලිමේන්තුව ඇතුලු ඒකක වල කාන්තා නියෝජනය තීරණය කිරීම ඔහු සතු අයිතියක් නොව ජනතාව සතු අයිතියකි. මැතිවරණයට ඉදිරිපත් වන කාන්තාවට අදාල "නිසිතැන" ලබා දීමට සුදුසු නම් ජනතාව එය අනිවාර්යයෙන් ලබා දෙන බව ඈත මෙන්ම මෑත ඉතිහාසයද පෙන්වාදේ. කාන්තාවාදීන් හඩ නගන විෂමතාවයන් සෑම ජන්දය පාවිච්චි කරන කාන්තාවක්න් සැබෑ ජීවිතයේදී අත් විදීනම් මෙම "තැන" තවත් ඉහල යනු ඇත.

දක්ෂයාට නිසිතැන ලැබිය යුතුය. යම් ආයතනයක, තරගයක කාන්තාවක් අන් සියලුම පිරිමින්ට වඩා හැකියාවෙන් පිරිපුන් නම් ඇයට එහි ඉහලම පු‍ටුව මිසක් "සම" පු‍ටු නොලැබිය යුතුය. එසේ නැතිව ලිංගිකත්වය මත පමණක් පදනම්ව "සමතැන" ඉල්ලීම යනු කාන්තාවන් සතු ශක්තීන්, ඔවුන් සතු විභවයන් හෑල්ලු කිරීමකි.

උපේකා කිරුල දින්නාය. ඇගේ දක්ෂතාවන්ට "නිසිතැන" ලබා නොදීමට කිසිවෙකු කුහක වූයේ නැත.
කිරුලේ අයිතිය දක්ෂතාවය මත ලද ඇයට උණුසුම් සුභ පැතුම්!

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...