Thursday, April 22, 2010

පංචායුධය


විමල් වීරවංශ මහතාට මල පැන තිබේ. ඒ එජනිස තම පක්ෂයට පොරොන්දු වූ පරිදි ජාතික ලයිස්තු මන්ත්‍රීධූර ලබා නොදුන් බව පවසමිනි. මේ බව මීට පෙර පැවසුවේ නම් අචල ජාගොඩ හා මුසම්මිල් මැතිවරණයට ඉදිරිපත්වන බවද ඔහු ප්‍රකාශ කරයි. එජනිස වෙනුවෙන් තම පක්ෂය කල කී දෑ වෙනුවෙන් ජා.ල. මන්ත්‍රීධූර 2 කොහොමටවත් ප්‍රමාණවත් නැතිබවද, මහාචාර්ය රජීව් විජේසිංහට මන්ත්‍රීධූරය පිරිනැමීම තේරුමක් නැති වැඩක් බවද, මෙය නින්දාසහගත වැඩක් බවද ඔහු තවදුරටත් පවසයි.
කෙසේ නමුත් ඔහුගේ මේ සෑම වාග් ප්‍රහාරයකම චූදිතය බවට පත්කර ඇත්තේ එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතාය. සංධානයේ ප්‍රධානියා වූ ජනාධිපතිට විරුද්ධව වචනයක් හෝ ප්‍රකාශ නොකිරීමට ඔහු ප්‍රවේසම් සහගත වී ඇත. ඇතැම් විට ඒ පසුගිය කාලයේ ජනාධිපතිතුමා විමල් මහතා ජනපති පවුලේම තවත් පුත්‍රයෙකු ලෙස සලකා කටයුතු කල නිසා විය හැක ( තාත්තාට එරෙහිව ප්‍රසිද්ධියේ බැන වැදීම අපේ සංස්කෘතියට තරම් නොවේ)

විමල් වීරවංශ මහතා යනු පසුගිය යුධ සමයේ එහි පැවැත්මට මහත් සේවයක් කල දේශපාලනඥයෙකි. news web අඩවි හා blog වල ඇතමුන් යුද්ධය වෙනුවෙන් විමල් පිච්චියක දෙයක් කර ඇත්දැයි මහිශ්‍යාක්ය ලීලාවෙන් ප්‍රශ්න කලද ඔහු විසින් ඇති කල මතවාදීමය වෙනස කිසිසේත් අවතක්සේරු කල නොහැක. යුද්ධයට අණ දෙන්නේ ආණ්ඩුවය. ආණ්ඩුව පවත්වා ගෙන යන්නේ ජනතාවය. ජනතාවගේ මනස යුධකාමී කිරීමේලා විශාල මෙහෙයක් විමල්ගෙන් සිදු විය. යුද්ධයෙන් ප්‍රශ්න විසදිය නොහැකි බවට හිසට මුද්‍ර තැබූ ජාතියක් යලි පිබිදවීම සුලුවෙන් තක්සේරු කල නොහී. එසේම තීරණාත්මක අයවැය අවස්ථාවේ විමල් ගත් පියවර නොවන්නට රාජපක්ෂ ආණ්ඩුව ලොප් වන්නේ එතැන්දීය. එය එසේ වීනම් යුධ ජයග්‍රහන යැයි පාරම් බෑමට දෙයක් අද පවතින්නේ නැත.

ජාතියේ පංචායුධය ලෙස තමාවම හදුන්වා ගනිමින් මහ මැතිවරණ සටනට පිවිසෙන ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ජන්දලාභියා බවට පත් වේ. මීට පෙර ජවිපෙ, ශ්‍රීලනිප සමග සංධානගතවී ජන්දයට පැමිණි මහ මැතිවරණයේද විමල්ගේ මනාප ප්‍රමාණය දෙවනි වූයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට පමණි. ඒ අනුව බලන කල විමල්ට තමා පොරයැයි සිතීමට ඕනෑවටත් වඩා කරුණු ඇත.

ඉතිහාසයේ සිට කාට කාටත් සිදුවූ වැරද්ද විමල්ටද සිදුවන්නේ මෙතන්දීය. සංධානගතවී තරගකර ඉදිරියට පැමිණ තමාට එම තත්වය සකසා දුන් සංධානයේ ප්‍රධාන පාර්ශවයන්ට කොචොක් කිරීමේ වරද ඉතිහාසයේ සිදුකර ඇති එකම දේශපාලනඥයා විමල් නොවේ. මෙහිදී විමල් තේරුම් ගත යුත්තේ විමල්ට අති දැවැන්ත ජයක් ලැබීමට හේතු වූයේ ශ්‍රීලනි පාක්ෂිකයන් ඔහුටද මනාපයක් පාවිච්චි කිරීම විනා සංධානයට විජයග්‍රහණයක් ලැබීමට හේතු වූයේ ශ්‍රීලනිප නොවන විමල් ලෝලීන්ගේ ජන්දය නිසා නොවන බවය.විමල් ජානිපෙන් තනිව තරග කලා නම් කවරක් සිදුවනු ඇත්ද?

ජවිපෙද සංධානගතව් අතරග කර ආසන 39 දිනා ගත් කල එවැනිම අධිතක්සේරුවකින් පසුවිය. ඔවුන් සිතුවේ තමන් නිසා සංධානය ගොඩ ගියා යනුවෙනි. නමුත් අවසන කා නිසා කවුරුන් ගොඩ ගියාද යන්න පිලිඹිඹු වූයේ ජවිපෙ තනිව් තරග කරන්නට ගිය පලාත් පාලන මැතිවරණයේ සිටය.

හවුල්කාර පක්ෂයක් ලෙස ජනිපෙ සංධානයට කල මෙහෙය කිසිසේත් අවතක්සේරු කල නොහැක.නමුත් ජයග්‍රහණයේ අයිතිය ඉල්ලීමේදී තමන් කල ඒ මෙහෙය ජනතාව දු‍ටු අයුරු තේරුම් අරගෙන එම ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් ප්‍රසිද්ධියේ විහිලුවක් වීමෙන් වැලකිය හැක. මහ මැතිවරණයට තම පක්ෂයෙන් අපේක්ෂකයන් 19 පමණ ඉදිරිපත් කල නමුදු ඉන් ජයග්‍රහණය කර ඇත්තේ 2 පමණි. යාන්තම් 10% සාර්ථකත්වයක් හිමිකර ගෙන ඇත.එමනිසා විමල් මහතා ජනිපෙ ක්‍රියාදාමය ජනතාව විසින් අනුමත කල ආකාරය පලමුව හදුනා ගත යුතුය. පැවති තත්ත්ව යටතේ අචල හා මුසම්මිල් තරග කලද ඔවුන්ටද ගොඩ යා හැකිව තිබුණායැයි සිතීම උගහටය.

දේශපාලන සුලග හමන් දිශාව පිලිබද අවබෝධයක් ඇති විමල් වැනි දේශපාලනඥයෙක් මෙම ගැ‍ටුම වැඩි දුර ගෙන ගොස් අනා ගනීවියැයි සිතීමට අපහසුය. කෙසේ නමුත් තමාගේයැයි සිතා සිටි ස්ථානයෙන් එල්ල වූ මෙම ප්‍රහාරය විමල් මහතා සසල කර ඇතුවාට සැක නැත. ජවිපෙ හැරදා යාමට කරුණු කාරණා යෙදුනු විට විමල් මහතා පාර්ලිමේන්තුවේදී කල කථාවේ කොටසක් සමගින් මෙම ලිපිය අවසන් වේ.

"ගරු කතානායකතුමනි, පිටතින් එල්ලවන පිහි පහරට වඩා ඇතුලතින් එල්ලවන පිහි පහර අතිශයින් වේදනාකාරීයි"

4 comments:

  1. යුද ජයග්‍රහණ සම්බන්ධයෙන් මොහුගේ නම සම්බන්ද කිරීමට ඔබ දරණ උත්සාහය තේරුමක් නැත. ඒ අවස්ථාව වෙද්දී භීෂණයෙන් පීඩාවට පත් ඔබද මාද ඇතුඵ ජනතාවටයි අවසන් වන යුද්ධයක් අවශ්‍යවී තිබුණේ. විරුද්ධ පාක්ෂික දේශපාලකයින් කිහිප දෙනෙක් හැරුණුවිට මේ රටේ සියල්ලන් වගේ මේ කරුමය අවසන් වනු දැකීමේ ඉවසීමේ කෙළවරට පැමිණ සිටියේය. ඉතින් එම ජනතා අවශ්‍යතාවයන්ගෙන් දේශපාලන වාසි ලබා ගැනීමට ලාභ ජනප්‍රියත්වය ලබා ගැනීමට පොරකෑ දේශපාලුවන්ගෙන් එක් අයෙක් ‍‍මොහුය. ‍මේ පුද්ගලයා තීරණාත්මක සාධකයක් වුණා යැයි ඔබ පවසන්නේ ඔහු විසින්ම තමන් ගැන ප්‍රචාරණය කරනු ලබන දේය. ඔහු තීරණාත්මක සාධකයක් වන්නේනම් ඔහුගේ අඳබාල දේශනා අදහන ඔහු‍ගේ අඳබාල ඡන්දදායකයින් විතරකි.

    ReplyDelete
  2. @ Anonymous සමග ඒකග ෙවමි. යුද්ධය දිනීමට මතවාද ෙගාඩ නැගීම අවශ්‍යව තිබුෙන් නැත. මන්ද ජනතාව වසර 30 තිස්ෙස් බැට කෑ නිසාම ඹවුන් මතවාදීව ඒයට ඒෙරහිව තිබුනි.

    අද ෙද්ශපාලනෙය්දී වැඩිම මනාප ගත්ෙතා් කවරහුද? ලක්ෂ ගණනක් බලා සිටියදී රෑපවාහිනී ෙස්වකයන්ට මැර පුහාර ඒල්ල කල මර්වින් අද ෙදවැනි වැඩිම මනාප ලබා සිටී. ජනතාවට අවශ්‍යය ෙවනස ෙමයද. විමල්ෙල් ගැලරි කථා වලට මිනිසුුන්ෙග් මතවාද ෙවනස් ෙව්ද? පුදුමය සීගිරිය දැක නැති ඔහුට ජාතිය ගැන අැත්තටම කැක්කුමක් ඒන්ෙන් ෙසෙසද?

    බ්ෙලාග් කරැවන් ෙලස අප ෙමවැනි මතවාදයන් පුචලිත ෙනාකල යුතුය. මන්ද අල්ලපු ෙගදර මිනිහා මරදිදී ඒය දැක දැක ඒබ නිහඩව සිටිය ෙහා්ත් ෙහට ඹබව මරද්දී කෑ ගැසීමට කවුරැවත් ඉතිරි ෙනාවනු අැත.

    Comment as ෙල්නො

    ReplyDelete
  3. ස්තූතියි පලමුව. Blog කරනයට අලුත් මගේ අඩවියට ඇවිත් නිදහස් අදහස් පල කිරීම ගැන.
    ඔබ පෙන්වූ කාරණාව සමග මම අඩු වැඩි වශයෙන් එකග වෙමි. නමුත් තීරණාත්මක අය වැයේදී ඔහු ක්‍රියා කල ආකාරය යුධ ජයග්‍රහණයට පහසුකම් සැපයූවා නොවේද?

    ReplyDelete
  4. විමල් ඔය කැගහන්නේ එයාට ඕන ඇමති ධුරය දුන්නේ නැති තරහට

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...