Thursday, April 22, 2010

තුනෙන් දෙක


2010 මහ මැතිවරණයේ අවසන් නිල ජන්ද ප්රතිඵලය නිකුත් වී අවසන්ය.

ජන්දයට පෙර ජනාධිපතිතුමන් හැර අනෙක් සියලුම ආණ්ඩු පක්ෂ උදවිය කිව්වේ පවතින ආණ්ඩුවට 2/3 ලබා දෙන ලෙසය. පොලවේ පයගසා සිටින පරිණත දේශපාලනඥයෙක් වූ නිසාදෝ ජනපතිතුමා පැවසුවේ තමාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දෙන ලෙස පමණි. සියල්ල අවසන එජනිස ආසන 144 ලබා ගනිමින් සමානුපාතික නියෝජන ක්රමය තුල දේශපාලන පක්ෂයකට ලබා ගත හැකි ඉහලම ප්රතිඵලය ලබා ඇත. මීට පෙර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්රීන් බිලී බා ගත් අයුරින්ම එලඹෙන පාර්ලිමේන්තුවේද කූප්රකට බැසිල්කරණය ක්රියාත්මක කලහොත් කිසිදු අපහසුවකින් තොරවම ආණ්ඩුව 2/3 සොයා ගනු ඇත. තවත් වසර 6ක් විපක්ෂයට වී තමාට හෝ තම ජනතාවට කිසිවක් දිනා ගැනිමට නොහැකි බව දන්නා සුලු ජාතික පක්ෂ අනිවාර්යයෙන්ම ආණ්ඩුවට එක්වනු ඇත. එජාපයට මුක්කු ගසා ගොඩ ගිය ශ්රීලමුකො ආණ්ඩුවට හේත්තු නොවීමට කිසිදු හේතුවක් පෙනෙන්නට නැත.මනෝ දැනටමත් පිල් මාරුවක් පිලිබදව ඉගි පලකරමින් සිටී. අනුව තුන්කල් දුටු JR ටද අභියෝග කරමින් 2/3 බහුතර බලයක් සහිතව ආණ්ඩුක්රම සංශෝදනයකට යාමට ආණ්ඩුවට හැකිවනු ඇත.

ආණ්ඩුක්රම සංශෝදනයත් සමඟ ආණ්ඩුව ජන්ද ක්රමයේ වෙනසකට යාමට වැඩි ඉඩක් ඇත. මැතිවරණයට පෙර ජනපතිවරයා දිගින් දිගටම පැවසුවේ මෙය මනාප ජන්ද ක්රමය යටතේ පැවැත්වෙන අවසාන මැතිවරණය විය හැකි බවය.එය තවත් ජන්ද පොරොන්දුවක් පමනක් නොවුනහොත් එමගින් 30 වසරක ශාපලත් යුද්ධය අවසන් කිරීමට ගත් මෙහෙයට සමානවම ජනප්රසාදයක් ජනපතිවරයාට ලැබෙනු ඇත. (ඇත්තම කාරණාවනම් ජාතියට වගකියන විපක්ෂයක් සිටී නම් ඉහත අටමගල අවසන් කිරීමට පාලක පක්ෂයට 2/3 සොයමින් යාමට අවශ් නැත. අවාසනාවකට අපට ඇත්තේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විපක්ෂයකි.) කෙසේ නමුත් කේවල ජන්ද ක්රමය යටතේ ආසනයක් දිනාගත නොහැකි සුලු පක්ෂ කුමන ආකාරයේ ප්රතිචාරයක් දක්වයිද යන්න ගැටලුවකි.

අසීමිත බලයක් කවරෙකු හෝ වෙත යාම අතිශය භයානක තත්වයකි. ඉතිහාසය ඊට සාක්ෂි දරයි. ආණ්ඩුව 2/3 යොදා ගන්නේ මනාප ක්රමය ඇතුලු රටට අහිතකර දෑ සංශෝදනයට පමනක් නොවනු ඇත. අතටම ලැබුන Chance එක අතහැරීමට කිසිවෙකු අකමැති නොවනු ඇත. අනුව තම පැවැත්ම සුරක්ෂිත කර ගැනීමට ආණ්ඩුව, සිය බහුතර බලය යොදා ගැනීම ප්රජාතන්ත්රවදයට අතිශයින්ම හානිදායක වනු ඇත.

මහමැතිවරණයේ කැපී පෙනෙන බහුතරයක් ලබා ගැනීමට අමතරව එජනිස තවත් වැදගත් ජයග්රහණයක් ලබා ඇත. සිය සංධානයේ උරුමක්කාර පක්ෂය වන ශ්රීලනිප යට මෑත ඉතිහාසයේ වැඩිම මන්ත්රීධූර ප්රමාණයක් ලබා දීමෙනි.සංධාන නායකයාට ඍජුව වගකියන මන්ත්රීන් පිරිසක් සිටීම ජනපතිවරයාට සහනයක් වනු ඇත. එසේම සුලු ජාතික පක්ෂවල කේවල් කිරීමෙන් අස්වැසිල්ලක් ලබා ගැනීමටද ඔහුට හැකි වනු ඇත.

ප්රතිඵලය කුමක්වුවත් පක්ෂ ව්යවස්ථාවට අනුව රනිල් වික්රමසිංහ මහතාට ගැටලුවක් නොවනු ඇත. අවම වශයෙන් ආණ්ඩුවට 2/3 ලබා නොදෙන ලෙසට ඔහු ජනතාවගෙන් කල ඉල්ලීම ජනතාව පිලිගෙන තිබෙන් බැවින් ඔහුට සතුටු විය හැක. නමුදු සිය හිතෛෂීන් ජනතාව විසින් ප්රතික්ෂේප කිරීම හා තමා ප්රතික්ෂේප කල චරිත ජනතාව විසින් ඉහලට ඔසවා තැබීම තුල දරුණු පක්ෂ අර්බුද වලට මුහුණ දීමට වික්රමසිංහ මහතාට සිදුවනු ඇත.

"ජාතියට මග කියූ" ජවිපෙ පසුගිය සමයේ අයාලයේ යාමට දඩුවම් ජනතාව ලබා දී ඇත. සිය පරාජය ලඝු කිරීමට තැත් කරමින් ඔවුන් ප්රකාශ කරන්නේ ජන්දය දීමේ ප්රතිශතය ඉතා අඩු අගයක් වීම තුල ජනතාව ආණ්ඩුව ප්රතික්ෂේප කර ඇති බවය. එනමුදු මීට මාස 2කට පෙර පැවති පසුගිය ජනාධිපතිවරණයේ මෙන්ම ජනමතය හැසිරුනේ යැයි සිතුවහොත් එජනිස ජන්ද 1,169,546 සමස්ත විපක්ෂය ජන්ද 1,141,517 අහිමි කරගෙන ඇත. එමනිසා ජවිපෙ තර්ක කරන පරිද්දෙන් ජනතාව ආණ්ඩුව ප්රතික්ෂේප කල ඇත්නම් ඊට සමාන ප්රමාණයක් වූ විපක්ෂ ජන්දදායකයන් පිරිසක් විපක්ෂයද ප්රතික්ෂේප කර ඇත.

පවතින අසීමිත බලය හමුවේ කවරකින් කවරක් වේදැයි අනුමාන කිරීමට තවමත් වේලාසන වැඩිය. ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබූ බහුතර ජන්දදායකයන්ට තමා කල කී දෑ ගැන පසුතැවීමක් ඇතිනොවන ආකාරයට කටයුතු කිරීම, පාලක පක්ෂය හමුවේ තිබෙන මූලිකම අභියෝගය කරගත යුතුය.

http://en.wikipedia.org/wiki/Sri_Lankan_parliamentary_election,_2010

3 comments:

  1. Now with this i do not agree!! I agreed with ur "panchawudhaya" and one about the war. First thing - The president has enough spokemen to tell what he wants to say without him actually saying it. The only "controversial" comments made by him was on ITAK + SF alliance (which was utter rubbish not due to the content by the context in which he said it). Interesting to see whether he will go for the ITAK support. Second point - when has any government in the receent past forward a legistration to change the election system. I know that their was a bipartisan committee under Dinesh who made recommendations but it was never put to the parliment. So blaming the opposition to unfair. Third point - "Kewala" system will not work in SriLanka because each time winning party will get huge majorities. If we had it this time how many would have they got - 170 may be. For a "Kewala" system to work there has to definete areas where these are UPA, these are UNP and these are swing areas.(The the law of the country is made in such away so that it never finds an innocent man guilty.) Final point - even if the government has the majority still it is important that they get the opposition involved. Happy that they had this agreedment to appoint the speaker. Hope it continues. Finally this government does not deserve 144 - it deserves only 113. However the people have spoken and that is what matters.

    ReplyDelete
  2. Thanks for the comment Ross. ur comments encourage & motivate me.

    It's true that the president has more than enough spokesmen to convey the msg he wants to convey. But using them effectively shows his experience on politics. Can u remember how SF struggled during presidential election without using this skill effectively. he wanted to say every thing, slung mud on his own.finally those directly contributed to his lost!!

    I also can remember about such bi-partial committee. But I don't know much about what has really happened to it. So can't comment on that.

    I personally think "kewala" would be more suitable than the prevailing system. We had it ne. Then the representatives from a polling division should be directly responsible for the ppl in that polling division. selection of MPs will be depend on how well they serve the ppl in their seat.real peoples' leaders will be selected.

    ReplyDelete
  3. Yes "Kewala" system will add a lot of positives to the country (The ones you have highlighted)- however it has the capacity to produce a hell of a lot of negatives as well. Don't forget that the present constitution was made after a mandate of a kewala system . That is (as an example)why i made the comment about the law being there to protect an innocent person from being found guilty. Likewise in the Proprotionate system you may not be able to do a lot of good things but of course you'll nerver be able to do something bad. In the US - there are areas which are democratic and republican and there are swing states which decides the election. in the UK there are 3 parties - Labour, Conservative and Liberal Democratic. There is a election next month and they project that all 3 parties will win an equal number of votes (They have kewala system - Even in the present parliment the smallest party - lib dems have 40 - 50 seats). In SL, probably 4-5 seats in Colombo and a few in Mahanuwara will go to the UNP, few will go to the tamil parties. The current situation in politics have changed our political map - i believe there are less UNP areas (Kapuwath Kola) and more SLFP areas (Previously swing states)which will continue to be so in the future until a strong leader comes from the opposition.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...