Thursday, April 22, 2010

වැඩ බැරි දාස


ප.දිගම්බරන් මහතාට හා මනෝ ගනේෂන් මහතාට හිටිහැටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නුගුණ හා නොහැකියාව පෙනෙන්නට පටන් ගෙන තිබේ. මීට ආසන්නම හේතුව වන්නේ එජාපෙ ජාතික ලයිස්තු මන්ත්‍රීධූර පිරි නැමීමේදී තමන්ට මන්ත්‍රීධූර නොලැබී යාමය.
රනිල් වික්‍රමසිංහ යනු අසාර්ථක නායකයෙකු යන්න අතිබහුතර එජා පාක්ෂිකයන් පවා පිලිගන්නකි. ගැටලුව වනුයේ මීට සති දෙකකට මත්තෙන් එජාපෙ යෙන් ජන්දය ඉල්ලා එජා පාක්ෂිකයන්ගේ ජන්දවලින් ගොඩ ආ( ප.දි) අයට හදිස්සියේම අකුණක් ගැසුවා සේ එය තේරුම් යාමයි. තව දින දෙක තුනකින් ශ්‍රීමුකො ටද එක්වරම සත්‍ය අවබෝධ වුවහොත් ඒ පිලිබද පුදුම විය යුතු නැත.
පුලුල් පෙරමුණක් ලෙස ජන්දයකට යාමේදී එහි සෑම පාර්ශවයකටම ජයග්‍රහණය වෙනුවෙන් කල යුතු වැඩ කොටසක් ඇත. ඒ ඒ පක්ෂ, පෙරමුණ තුල දරන භූමිකාව මත ඉහත වගකීම් අඩු වැඩි වුවද කිසිවෙකුට තම වගකීමෙන් පලා යා නොහැක. ජයග්‍රහණයේදී අපි නිසා දිනුවා කියන්නත්, පරාජයේදී අරූ නිසා පැරදුනා යැයි කීමත් හුදෙක්ම ඇඟ බේරා ගන්නා කතාන්දරයක් ලෙස මිස ඊට වැඩි වටිනාකමකින් අර්ථනිරූපණය කල නොහී. ඒ අනුව අවම වශයෙන් තමාට ජන්ද පදනම ඇති, තම ජන වර්ගයේ වැඩි ජන්ගහනයක් ඇති දිස්ත්‍රික්ක වලදී හෝ එජාපෙ ට ජයග්‍රහනය හිමි කර දීමට ඔවුනට හැකි විය යුතුය. එය එසේ නොවීම තුල ඔවුන්ද ඉබේටම අසාර්ථක ගොන්නට වැටීම වැලකිය නොහැක. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා ඔවුනට වඩා "චාටර්" වනුයේ ඔහුගේ පසුගිය පරාජිත මැතිවරණ ප්‍රතිඵල නිසා පමණි. එබැවින් සියල්ලන්ම අසාර්ථකය. එකිනෙකා වීදුරු ගෙවල් වල සිට ගල් ගසා ගැනීමෙන් වැඩක් නැත.
රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ඉතාමත් නිවැරදි තීරණය ගෙන ඇත. යම් හෙයකින් මෙබදු සත පහකට විශ්වාස කල නොහැකි පක්ෂ වලට තවත් ජා.ලයිස්තු මන්ත්‍රීධූර පිරිනැමීමෙන් එම මන්ත්‍රී ආසනද පිල් මාරු වීමේ අවදානමකට නො අනුමානව ලක් වෙනවා ඇත. ඒ අනුව ආසන 2ක් අහිමි වීමට වඩා 1ක් අහිමි වීම විපක්ෂ නායකයා උපේක්ෂාවෙන් විද දරා ගන්නට ඇත.
පසුගිය මහමැතිවරණ ප්‍රතිඵලයට අනුව එජාප යට ලැබුන ජා.ලයිස්තු මන්ත්‍රීධූර 11න් 10ක් පක්ෂයට පි‍ටුපා ගොස් ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්හ. එබැවින් මෙවර එම මෝඩකමම නැවත නොකිරීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
රෑ වැ‍ටුනු වලේ දවල් නොවැටෙනවා කියන්නේ ඒකටය.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...